මිද්දෙණියේ අයිස් නිෂ්පාදන කෙමිකල් සොයාගැනීම – බැකෝ සමන්ගේ තවත් ගෝලයෙක් CID අල්ලයි

මිද්දෙණියේ අයිස් නිෂ්පාදන කෙමිකල් සොයාගැනීම – බැකෝ සමන්ගේ තවත් ගෝලයෙක් CID අල්ලයි

මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් සොයාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20කින් 17ක්ම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා ද්‍රව්‍ය බව ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය සිදු කළ පරීක්ෂාවකින් අනතුරුව තහවුරු වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය. සම්බන්ධ වාර්තාවද දැනටමත් පොලීසිය වෙත භාර දී තිබේ.

මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයාගැනීම සිදු වූයේ, ඉකුත් 5 වනදා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මඟින් සිදු කළ විශේෂ මෙහෙයුමකදීය. එහිදී කිලෝග්‍රෑම් 50,000කට ආසන්න රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් ඉඩමක වළ දමා තිබිමෙන් හමුවිය.

පොලීසියට අනුව, මෙම තොරතුරු හඳුනාගැනීමට හැකිවූයේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ සහ බැකෝ සමන්ගෙන් ලබාගත් ප්‍රකාශ මගිනි.

මෙම සොයාගැනීමෙන් පසුව, තංගල්ල සහ නෙටොල්පිටිය ප්‍රදේශවලින්ද අයිස් නිෂ්පාදන කෙමිකල් තොග හමුවූ අතර, ඊට පසු කඳාන ප්‍රදේශයෙන්ද සමාන ද්‍රව්‍ය තොග සොයා ගැනීමට පොලීසියට හැකි විය.

මේ අතර, බැකෝ සමන්ගේ සමීපතම ගෝලයෙකු ලෙස හඳුනාගත් හෙට්ටි ලියනගේ ලක්ෂාන් නොහොත් අමිල ඇඹිලිපිටිය ටී-81 ගිනිඅවියක් සහිතව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග නිකුත් කරන ලදී.

අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සන්තකයේ තිබූ ටී 81 ගිනිඅවියක්, උණ්ඩ 97ක්, මැගසින් 02ක් සහ හමුදා නිල ඇඳුමක් ද සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ.

පොලීසියට අනුව, මෙම සැකකරු ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු බැකෝ සමන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ඉතා සමීපතම සහෝදරයෙකු ලෙස සැලකේ.

source – Gossip Lanka News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *