ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි කෙහෙල්බද්දර පද්මේ සහ සමඟිය රැගෙන එම ගුවන් යානය අද (30) රාත්‍රී 7.20 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබේ. ගුවන් යානය ජකර්තා සිට පස්වරු 3.30 ට පිටත් වූ අතර, පැය කිහිපයක ප්‍රමාදයක් පසු මෙම ගමන සාර්ථකව නිමවා ඇත.
මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළට පැමිණි අතර, ගුවන් තොටුපළ තුළ දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ.
අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන්ගේ නායකත්වයෙන්, ඉන්දුනීසියාවේ විශේෂ පොලිස් කණ්ඩායම සමග එක්ව සිදු කර තිබේ.