අමෙරිකානු යුද නෞකාවක් වෙනිසියුලා ආසන්නයේ – දේශපාලන උණුසුම වැඩි වෙයි
දකුණු කැරිබියන් මුහුදේ අමෙරිකානු යුද නෞකාවක් ස්ථානගත කිරීම හේතුවෙන් වෙනිසියුලා තුළ දේශපාලනික සහ ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් දැඩි මතභේදයක් ඇතිව තිබේ.
අමෙරිකා පවසන තරමට, ලතින් අමෙරිකානු කලාපය තුළ පැතිර ඇති මත්ද්‍රව්‍ය ජාලය මැඩපැවැත්වීමේ අරමුණින් මෙම නෞකාව ස්ථානගත කර ඇත. එහෙත්, වෙනිසියුලානු රජය සහ එරට ජනතාව අතර මෙය ඔවුන්ගේ රජය කඩන උත්සාහයක් බවට සැක පවතී.
පසුගිය අගෝස්තු මාසයේදී, අමෙරිකාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අත්අඩංගුවට ගැනීම පිළිබඳ තොරතුරු දෙන අයෙකුට ලබාදෙන ත්‍යාග මුදල ඩොලර් මිලියන 50 දක්වා ඉහළ දැමූ බවද සටහන් වේ. ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ කල්ලිවල සම්බන්ධතා චෝදනා කර ඇත.
ඉන් අමතරව, න්‍යෂ්ටික අවි සහිත සබ්මැරීනයක් ඇතුළු අමෙරිකානු යුද නෞකා 7ක් හා සෙබලුන් 4,500ක්ද අදාළ කලාපයට යොදා තිබේ.
කොළොම්බියා රජය ද, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමේ අරමුණින්, වෙනිසියුලානු සීමාව අසල සෙබලුන් 25,000ක් යොදන බව ද වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් විශාල සංඛ්‍යාවක වෙනිසියුලානු ජාතිකයින් හමුදා සේවයට බැඳී සිටින අතර, වෙනිසියුලා රජය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් වෙත අමෙරිකානු යුද නෞකා ස්ථානගත කිරීම පිළිබඳව පැමිණිලි කර තිබේ.