Update – නිමල් ලන්සා රක්ෂිත බන්ධනාගාරගත – බන්ධනාගාරය තුළ පැදුර පමණයි

නිමල් ලන්සා රක්ෂිත බන්ධනාගාරගත – බන්ධනාගාරය තුළ පැදුර පමණයි

නිමල් ලන්සා රක්ෂිත බන්ධනාගාරගත – බන්ධනාගාරය තුළ පැදුර පමණයි

2006 වසරේදී උද්ඝෝෂණයකදී සිදු වූ පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධ චෝදනාවකට අදාළව, හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සැප්තැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය 29 වැනිදා කොච්චිකඩේ පොලීසියට භාරවූ ඔහු, අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අධිකරණ නියෝගයකට අනුව ඔහුට විශේෂ ආරක්ෂාවක් සහ වෛද්‍ය පහසුකම් සලසා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

බන්ධනාගාර ආරංචි මාර්ග වලට අනුව, නියමිත වරප්‍රසාද නොමැතිව ‘ඒ-වන්’ වාට්ටුවේ රඳවා සිටින ඔහුට පැදුරක් පමණක් ලබාදී ඇති අතර, අනෙකුත් රැඳවියන් මෙන්ම පිටතින් ආහාර ගෙන්වා ගැනීම සඳහා ඔහුද ඉල්ලීම් කර තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇතුළු දේශපාලනඥයින් කිහිප දෙනෙකු ඊයේ දිනයේදී මීගමුව බන්ධනාගාරයට පැමිණ ඔහුගේ සුවදුක් විමසා ඇත.

2006 පළාත් පාලන මැතිවරණ කාලයේදී මීගමුව උප නගරාධිපති සුනිල් විල්බට් පෙරේරාගේ නිවසට පහරදී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ චෝදනා එල්ල වී තිබේ.

අදාලව, හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ විසින් බන්ධනාගාර අධිකාරිය වෙත ඉල්ලීමක් කරමින්, පිටස්තර අමුත්තන්ගේ පැමිණීම් සීමා කර තමන්ට සහ නම් කරන ලද තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පමණක් ඔහු හමුවීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ඇත. මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *