ඇෆ්ගනිස්ථානයේ සිදු වූ දැඩි භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 600කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් කිලෝමීටර් 8ක ගැඹුරකින් සිදු වූ මෙම භූ කම්පනය, ඇෆ්ගනිස්ථානයේ ගොඩනැගිලි රැසකට හානි සිදුකර ඇති අතර එහි බලපෑම කාබුල් සිට පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරය දක්වා විදගත් බවද වාර්තා වේ.
ඇති වූ ප්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව, තවත් පසු කම්පන තත්ත්ව 3ක් ද ඇතිවී ඇති අතර ඒවා රික්ටර් මාපකයේ 4.5 සිට 5.2 දක්වා බලපෑමක් දැක්වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.