රු. කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 2 අත්අඩංගුවට

රු. කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 2 අත්අඩංගුවට

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අය සන්තකයේ තිබී කිලෝ 1.05 ග්‍රෑම් හෑෂ් මත්ද්‍රව්‍ය හා ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රු. 100,000ක මුදලක් පොලිසිය භාරයට ගත් බවද කියයි.

ඇඳුම් කර්මාන්ත ශාලාවක් පවත්වා ගන්නා මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවා රත්මලාන ප්‍රදේශයේ මාසික රු. 30,000ක කුලී නිවසක සිට ජාවාරම සිදුකර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.

නිවස පරීක්ෂා කිරීමේදී තවත් සැකකරුවෙකු අල්ලා ගත් අතර, එහි අල්මාරියක සඟවා තිබූ කිලෝ 1ක හෑෂ් පැකට්ටුවක්ද සොයා ගැනීමට හැකිවිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම රත්මලාන පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *