ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ, පොලිසියේ නිලධාරීන්ගේ කැපවීම සහ දක්ෂතාව ගැන තමන් ආඩම්බර වන බවත්, එහෙත් අපරාධකරුවන්ට මුහුණ දීමට බියක් දක්වන නිලධාරීන් සිටී නම්, ඔවුන් පොලිස් සේවයෙන් ඉවත් විය යුතු බවත්ය.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා මෙරටට රැගෙන ආ පසු අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව පැවසීය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, ඇතැම් මාධ්‍ය මගින් “නිවට” අපරාධකරුවන් වීරයන් ලෙස ඉස්මතු කරන බවත්, එවැනි සම්ප්‍රදාය රට තුළ ඇති නොකරන ලෙසත්ය.
“කබ්බො ෆෝම් කරන්න එපා” යනුවෙන් පොලිස්පතිවරයා මාධ්‍යය වෙත දැඩි ඉල්ලීමක් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පවුල්වලට හා දරුවන්ට ගෙන එන විනාශය පිළිබඳවද ඔහු අවධාරණය කරමින්, එවැනි පුද්ගලයන් විරෝධාත්මක නායකයන් ලෙස ජනගත නොකරන ලෙසත්, නීතියේ රැහැනට ඔවුන් ගෙන ඒම සඳහා මාධ්‍යයේ සහයෝගය අවශ්‍ය බවත් පැහැදිලි කළේය.
මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේදී සිය නිලධාරීන් දැක්වූ දායකත්වය හා දක්ෂතාවය ඉහළින්ම අගය කරන බවත්, ඉදිරියේදී මෙවැනි අපරාධකරුවන්ට එරෙහි මෙහෙයුම් තවදුරටත් තීව්‍ර කරන බවටත් පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.
source – gossip lanka news