අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 198,235ක්…

Sri Lanka Tourism 2025, අගෝස්තු සංචාරකයින්, Sri Lanka Travel Statistics, ඉන්දියානු සංචාරකයින්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 198,235ක් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මෙම සංඛ්‍යාව, පසුගිය වසරේ අගෝස්තු මාසයේ සංඛ්‍යාවට සාපේක්ෂව 20.4% ක වැඩිවීමක් වේ.

අධිකාරිය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛන අනුව, අගෝස්තු මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 46,473ක් පැමිණ ඇති අතර එය සම්පූර්ණ සංඛ්‍යාවේ 23.4% ක් වේ.

එසේම, එක්සත් රාජධානියෙන් 19,764 දෙනෙක්, ජර්මනියෙන් 12,500 දෙනෙක්, චීනයෙන් 12,294 දෙනෙක් සහ ප්‍රංශයෙන් 10,495 දෙනෙක් අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට ඇතුළත් වූ බව ද වාර්තා වේ.

මේ අනුව, 2025 ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,566,523 ක් දක්වා ගොස් ඇත.

ඒ අතරින් ඉන්දියාවෙන් 325,595ක්, රුසියාවෙන් 118,916ක් සහ එක්සත් රාජධානියෙන් 151,141ක් පැමිණ ඇති බවත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තවදුරටත් සඳහන් කරයි.

Sri Lanka Tourism 2025, අගෝස්තු සංචාරකයින්, Sri Lanka Travel Statistics, ඉන්දියානු සංචාරකයින්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

Source – ada deara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *