ජාතිවාදී දේශපාලනයට රට තුළ ඉඩක් නෑ – ජනපති අනුර කුමාර දිසානායක

ජාතිවාදී දේශපාලනයට රට තුළ ඉඩක් නෑ – ජනපති අනුර කුමාර දිසානායක

“යළි ජාතිවාදී දේශපාලනයට රට තුළ ඉඩක් නෑ” යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ, පුදුකුඩුඉරිප්පු නගරයේ පැවැත් වූ ලෝක පොල් දින සැමරුම හා සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” යන උතුරු පොල් ත්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපතිවරයා ප්‍රකාශ කළේය.

ජාතිවාදී දේශපාලනය කිසිවිටෙක ජනතාවට සේවයක් නොසපයන බවත්, එය හුදෙක් දේශපාලනඥයින්ගේ මෙවලමක් බවත් ඔහු පැවසීය. ඉදිරියේදී එවැනි දේශපාලනයක් නැගී සිටින්නේ නම් ජනතාව විසින්ම එය ප්‍රතික්ෂේප කරන බවට තමන් විශ්වාස කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇති වූ 30 වසරක යුද්ධය රටේ විශාලතම ඛේදවාචකය බවත්, එමෙන්ම උතුර සහ දකුණේ බලය අල්ලාගැනීමට ජාතිවාදය ප්‍රධාන මෙවලමක් වූ බවත් ඔහු මතක් කළේය. පසුගිය මැතිවරණයෙන් එවැනි ප්‍රවණතාවයන් පරාජය වූ බවත්, අද වනවිටත් උතුර පිළිබඳ අඛණ්ඩ යුද්ධ බියක් ගොඩනගා ගන්නා දකුණේ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් ඔහු පැවසීය.

ඉදිරියේදී රජය කිසිසේත්ම ජාතිවාදී ගැටුමක් ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්න බවත්, අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ආර්ථිකය ශක්තිමත් කිරීම, සංස්කෘතික එකමුතුව ගොඩනගා ගැනීම, නව කර්මාන්ත කලාප සහ වගා වැඩසටහන් ආරම්භ කිරීම ආදී ක්‍රියාමාර්ග මගින් උතුරේ ජනතාවට අයිතිකම් සහ ආර්ථික යථා තත්ත්වයට ගෙන එන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

source – ada derana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *