සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය | Gambling Regulatory Authority Bill Sri Lanka
ශෙයා කරන්න..

කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (03) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වගන්තියට අනුව තම සහතිකය සටහන් කළා.

මෙම පනත් කෙටුම්පත, පසුගිය අගෝස්තු 19 දා පාර්ලිමේන්තුවේ පැවති දෙවන කියවීමේ විවාදයෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත වී තිබුණි.

එමඟින්, මේ වනවිට පනත් කෙටුම්පත 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත ලෙස බලාත්මක වනු ඇත.

මෙම නව පනතේ අරමුණ, ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්තය නියාමනය කිරීම සඳහා තනි නියාමන ආයතනයක් පිහිටුවීමයි. ඒ අනුව, තුරඟ තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥාපනත (44), සූදු ආඥාපනත (46), සහ 2010 අංක 17 කැසිනෝ නියාමන පනත අහෝසි කිරීමටද නව පනත මගින් නියම කර ඇත.

අධිකාරියට නවීන සූදු ක්‍රීඩා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පුළුල් බලතල හිමි වන අතර, නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ මාර්ගගත සහ අක්වෙරළ සූදු ක්‍රීඩා මෙහෙයුම් නියාමනය කිරීමටද යොදා ගත හැකි වේ.

එමෙන්ම, සමාජ වගකීම් සංග්‍රහ නිකුත් කිරීම සහ සූදු ක්‍රීඩා කර්මාන්තය සම්බන්ධයෙන් ස්වාධීන නියාමකවරයෙකු ලෙස ක්‍රියා කිරීම සඳහා මෙම අධිකාරියට වගකීම් නියම කර ඇත.

source – ada derana


ශෙයා කරන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *