ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24වන කිලෝමීටර් කණුව අසල සිදුවූ බස් අනතුරේ ප්‍රතිඵලවලින් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 15 දෙනෙක් බව පොලිසිය ප්‍රකාශ කරයි.
තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථය ප්‍රපාතයකට පෙරළී තිබුණි. අනතුරේදී බස් රථයේ රියදුරු සහ රිය සහායක සමග මගීන් 34ක් ගමන් කරමින් සිටි බව හෙළිවී ඇත.
අනතුර ඊයේ (04) රාත්‍රී 9.00ට පමණ සිදුවූ අතර, බස් රථය ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී මාර්ගයේ ආරක්ෂිත යකඩ වැට ගැටීමෙන් පසු අඩි 1000ක පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළි ගිය බව විමර්ශන පෙන්වයි.
ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශයන්ගේ වේගවත් ක්‍රියාමාර්ගය මගින් තුවාලකරුවන් බදුල්ල, බණ්ඩාරවෙල සහ දියතලාව රෝහල් වෙත ගෙන ගොස් ඇත. මේ වනවිට තුවාලකරුවන් 18 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවේ.
මියගිය අය අතර තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන සහ සේවකයින් 12 දෙනෙකු ද සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ තහවුරු කළේය. මෘත දේහ දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල තැන්පත් කර ඇත.
පොලීසිය පවසන්නේ අධික වේගය හේතුවෙන් බස් රථය පාලනය අහිමිවීම නිසා අනතුර සිදුවී ඇති බවයි. එහෙත් අනතුරින් බේරීගත් මගීයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින්, අනතුර සිදුවීමට පෙර රියදුරු විසින් “බ්‍රේක් නැති බව” පවසන ලද බව හෙළිදරව් කළේය.
“ඇල්ල වංගුවක් ආසන්නයේදී රියදුරු කිව්වා – ‘බ්‍රේක් නැහැ’ කියලා. පළමුව අපි සිතාගත්තේ විහිලුවක්කි යලා. නමුත් ඊළඟ වංගුවේදී ඔහු ඇත්තේම කිව්වා. මෝටර් රථයකට ගැටී පසු බස් එක පල්ලමට ගියා.”
මුදාගැනීමේ කටයුතු සඳහා සහාය වූ දෙදෙනකුද තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, පරීක්ෂණ කණ්ඩායම මේ වනවිට සිදුවූ ස්ථානයේ සිටී. මූලික වාර්තාවක් ඉදිරි දිනවලදී ලබා දීමට නියමිතය.
source – ada derana