ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා විශේෂ ප්‍රගතියක් ලැබී ඇති බව ලෝක බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතියට ලෝක බැංකුවෙන් විශේෂ පිළිගැනීම

ලෝක බැංකුව නිකුත් කළ නවතම රාජ්‍ය මූල්‍ය සමාලෝචනය (PFR) අනුව, ශ්‍රී ලංකාව 2021 සිට ආර්ථිකය සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් දැවැන්ත පියවර ගෙන තිබේ. එමගින් දළ දේශීය නිෂ්පාදනයට සමානව 8%ක ප්‍රමාණයක මූල්‍ය ගැලපීම් සිදුකර ඇති බවත්, එය ලොව පුරා 123 රටවල් සමග සසඳන විට දැකිය හැකි තරම් වේගවත් හා සාර්ථක ප්‍රගතියක් බවත් වාර්තාවේ දැක්වෙයි.

ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ආර්ථිකය ස්ථාවර කිරීම, මූල්‍ය අසමතුලිතතාව අඩු කිරීම සහ සාර්ව ආර්ථික තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම පියවර තීරණාත්මක වූ බවයි.

ඉහළ බදු සහ අඩු රාජ්‍ය වැටුප් නිසා කුටුම්බ මට්ටමින් අහිතකර බලපෑම් සිදුවූවත්, එමගින් රාජ්‍ය ආයෝජන පහත වැටීම හේතුවෙන් ආර්ථික වර්ධනය මන්දගාමී වුවත්, දැන් ශ්‍රී ලංකාවට වඩා සමානාත්මක හා තිරසාර මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳව සලකා බැලිය හැකි අවස්ථාවක් ලැබී ඇත.

අදාල සමාලෝචනයේ දක්වන්නේ, 2029 වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් අතිරේක 1.5%-2.0%ක ආදායමක් සම්පූර්ණයෙන්ම තිරසාර ආකාරයෙන් ලැබිය හැකි බවත්, වියදම් කප්පාදු නොකර සමානාත්මතාව වැඩිදියුණු කළ හැකි බවත්ය.

ආදායම් පැත්තෙන්, සෘජු බදු මත රඳාපවතිම වැඩි කිරීම, බදු පරිපාලනය නවීකරණය කිරීම, ඩිජිටල්කරණය කිරීම හා බදු ගෙවීමේ දිරිගැන්වීම් වැඩි කිරීම යන කරුණු මූලිකව සලකා බැලිය යුතු බව PFR වාර්තාවේ සඳහන් වේ.

වියදම් පැත්තෙන්, වැටුප් කළමනාකරණය වැඩි දියුණු කිරීම, යටිතල පහසුකම් හිඩැස් දෙසට ප්‍රාග්ධන වියදම් යොමු කිරීම සහ සමාජ ආධාර ඉලක්ක කිරීම වැඩි දියුණු කිරීම යන ක්ෂේත්‍ර මූලිකව යොමු කළ යුතුය.

එමෙන්ම, ලෝක බැංකුව අවධාරණය කරන්නේ, මෙම ආර්ථික ප්‍රතිසංස්කරණය මගින් ශ්‍රී ලංකාවට වර්ධනය, සමානාත්මතාව සහ තිරසාරභාවය අතර සම්බන්ධතාවය නව මට්ටමකට ගෙන යාමට හැකි වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *