ශිරන්ති රාජපක්ෂගේ මොන්ටිසෝරියට ගිය ඩියුටි ෆ්‍රී බස් පිළිබඳ CID විමර්ශනය

ශිරන්ති රාජපක්ෂගේ මොන්ටිසෝරියට ගිය ඩියුටි ෆ්‍රී බස් පිළිබඳ CID විමර්ශනය

ක්‍රීඩා අමාත්‍යාංශය සඳහා තීරුබදු රහිතව ආනයනය කළ බස් රථයක් හිටපු ජනාධිපති ආර්යාව වූ ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් කාල්ටන් මොන්ටිසෝරියට ලබා දී ඇති බවට චෝදනා මත, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සූදානම් වී තිබේ.

මෙම ගනුදෙනුව හේතුවෙන් රජයට මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවට හෙළි වූ නව සාක්ෂි මත, CID මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ නැවත ආරම්භ කර තිබේ. වාර්තා අනුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම්වරයෙකුගෙන් ද ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

ශිරන්ති රාජපක්ෂගේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ ‘සිරිලිය’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මීට පෙරද CID විසින් විමර්ශන සිදුකර තිබුණි. එහිදී සිරිලිය ගිණුම සම්බන්ධයෙන් අක්‍රමිකතා හතක් පිළිබඳව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදි. නමුත් එම සිද්ධීන් හයකට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුවෙන් දන්වා තිබීම නිසා පසුකාලීනව එම ගොනු වසා දැමිනි.

කෙසේ වෙතත්, අදාළ බස් රථය පිළිබඳව නව තොරතුරු අනාවරණය වීමත් සමඟ, CID විමර්ශකයින් විසින් අධිකරණයට නැවත කරුණු ඉදිරිපත් කර ඇත. මේ අනුව, ලලිත් වීරතුංග මහතා සහ හිටපු අතිරේක ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියෝග නිකුත් කර ඇති බව සමාජ වාර්තා සඳහන් කරයි.

source – Gossip Lanka news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *