නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු CID අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අද (18) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා විසින් තහවුරු කරන ලදී.
අත්අඩංගුවට ගැනීමට හේතුව සහ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.