Advertisement

සෞදි-පාකිස්තාන ආරක්ෂක ගිවිසුම ගැන ඉන්දියාවේ අවධානය

සෞදි-පාකිස්තාන ආරක්ෂක ගිවිසුම ගැන ඉන්දියාවේ අවධානය

සෞදි-පාකිස්තාන ආරක්ෂක ගිවිසුම පිළිබඳ ඉන්දියාව අධ්‍යයනය කරයි

සෞදි අරාබිය සහ පාකිස්තානය අතර අත්සන් තැබුණු උපායමාර්ගික අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම පිළිබඳව ඉන්දියාව දැඩි අවධානයෙන් සිටින බවත්, එහි අන්තර්ගතය අධ්‍යයනය කරන බවත් ඉන්දියාව පවසයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් සඳහන් කළේ, මෙම ගිවිසුම පිළිබඳ වාර්තා පිළිබඳව ඉන්දියාව දැනුවත් බවය. තම රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කලාපීය සහ ගෝලීය ස්ථාවරත්වය කෙරෙහි මෙම ගිවිසුම බලපාන ආකාරය පිළිබඳව ඉන්දියාව අධ්‍යයනය කරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.

ඉන්දියාවේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම ගිවිසුම අත්සන් තැබුනේ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ ආරාධනයකට අනුව, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ගල්ෆ් රාජ්‍යයන්හි සංචාරය කරන අතරතුරදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *