QR කේත ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට

QR code process fully restored

March 15, 2026   01:31 pm

QR කේත ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට

QR ක්‍රමවේදය යටතේ නව වාහන සහ අයිතීන් වෙනස් වූ වාහන මෙන්ම මින් පෙර ලියාපදිංචි වී නොමැති වූ වාහන සඳහා නව ක්‍රමය යටතේ ලියාපදිංචි වීමේ හැකියාව මේ වන විට යථාවත් කර තිබේ.

ඒ අනුව fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස Vehicle Registration යටතේ සිය තොරතුරු ඇතුළත් කර මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව යථාවත් කර තිබේ.

මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකිව තිබූ නමුත් ඉහත පුද්ගලයින් සඳහා එම කේතය යාවාත්කාලීන කර ගැනීමට නොහැකි වී තිබුණි.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන සැපයීම සම්බන්ධව පවතින ගැටලු සම්බන්ධයෙන්ද අද (15) පස්වරුව වන විට විසඳුම් ලබා දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

එක්සත් අරාබි එමීරයේ සිංහල භාශාවෙන් නිව්ස් කියවන්න අපි ඩුබායි රේඩියෝ සිංහල නිව්ස් වෙතින්ම පමණයි..

X