සෞදියේ ‘ප්‍රින්ස් සුල්තාන්’ ගුවන් කඳවුරට ඉරානයෙන් සැල්වෝ මිසයිල ප්‍රහාරයක්

Iran launches salvo of missiles at Saudi Arabia's Prince Sultan air base

March 15, 2026   06:15 pm

සෞදි අරාබියේ රියාද් අගනුවර අසල පිහිටි ‘ප්‍රින්ස් සුල්තාන්’ ගුවන් කඳවුරට ඉරානය යළිත් වරක් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර තිබේ.

එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියේ, රියාද් සහ නැගෙනහිර පළාත් කලාපවලට එල්ලවූ මෙම ප්‍රහාරයේ දී ඩ්‍රෝන යානා 10ක් පමණ ව්‍යාර්ථ කළ බවය.

‘ප්‍රින්ස් සුල්තාන්’ ගුවන් කඳවුර සැලකෙන්නේ අමෙරිකානු යුධ ගුවන් යානා ගණනාවකට නිවහන ලෙසින්ය.

කෙසේ නමුත් ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය පවසා ඇත්තේ, අදාළ කඳවුරට එල්ල කළේ ‘සැල්වෝ’ මිසයිල ප්‍රහාරයක් බවය.

සැල්වෝ මිසයිල ප්‍රහාරයක් යනු තනි ඉලක්කයක් හෝ ප්‍රදේශයක් වෙත එකවර මිසයිල රැසක් දියත් කිරීමක්ය. 

ඉරානය සහ රුසියාව විසින් මෙම ක්‍රමය පුළුල් ලෙස භාවිතා කරන රටවල් ලෙස පිළිගැනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

එක්සත් අරාබි එමීරයේ සිංහල භාශාවෙන් නිව්ස් කියවන්න අපි ඩුබායි රේඩියෝ සිංහල නිව්ස් වෙතින්ම පමණයි..

X