වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් මහේස්ත්‍රාත් නඩුවට සම්බන්ධ අයෙකු මරුට

වෙන්නප්පුව වෙඩි තැබීම

වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් මහේස්ත්‍රාත් නඩුවට සම්බන්ධ අයෙකු මරුට

වෙන්නප්පුව පොලිස් ස්ථානය ආසන්නයේ වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුවිය.

මොටර් රථයකින් පැමිණි පිරිසක්, යතුරුපැදියක ගමන්ගත් පුද්ගලයන් දෙදෙනාට ගිනි අවි ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙහිදී ඔවුන්ට තියුණු ආයුධයකින් පහර දී පසුව වෙඩි තැබූ බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව, යතුරුපැදියේ ගමන්ගත් එක් අයෙකු තුවාල ලබා පළා ගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය පුද්ගලයා මහාධිකරණ නඩුවක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටියදී මෙම ගිනි අවි ප්‍රහාරය සිදුවූ බව ද වාර්තා වේ.

රිවොල්වරයක් භාවිතා කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය කියයි.

මියගිය පුද්ගලයාගේ නඩුවට සම්බන්ධ තීන්දුව 2025 සැප්තැම්බර් 09 වැනි දිනදී ලැබීමට නියමිතව තිබූ බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *