මහින්ද බලන්න සෙනග බස්වලින් ගෙනෙන වැඩසටහනක්

මහින්ද රාජපක්ෂ බලන්න බස්වලින් ජනතාව ගෙනෙන වැඩසටහන – විජේරාම මාවතේ නිවසට පිරිසක්

කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ විශ්‍රාමික සුවයෙන් කල් ගෙවන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බැලීමට ඔහුගේ පාක්ෂිකයින්ගේ සංවිධායකත්වයෙන් පළාත්වල සිට දිනපතා ජනතාව ගෙනෙන වැඩසටහනක් ආරම්භ වී තිබේ.

ඒ අනුව, රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයෙන් පැමිණි බස් රථ කිහිපයකින් ජනතාව මහින්ද රාජපක්ෂ මහතා බැහැදැක සුවදුක් විමසන දර්ශන රූපවාහිනී නාලිකා වෙත ලබාදී ඇත. මෙහිදී සභාව මෙහෙයවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයයි.

ඇතැමුන් කියා සිටියේ – “බුදුහාමුදුරුවෝ අනිමිසලෝචන පූජාව කළා වගේ, මිනිස්සු මහින්ද මහත්තයා බලන්න එන්නේ” යැයි. තවත් අයෙක් සඳහන් කළේ “මේ රටම හැදුවේ මහින්ද මහත්තයානෙ, අපි කලගුණ සලකන්න ඕනේ” යැයිය.

මේ අතර, පසුගිය දිනවල හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත වූ ආකාරයට ඊළඟට මහින්ද රාජපක්ෂ මහතාගේ වාරය පැමිණෙනු ඇතැයි ඇතැමුන්ගේ අනාවැකි පළවූ අතර, ඔහු පිටත් කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තු නීතිමය පසුබිම සැකසෙමින් පවතින බවද වාර්තා වේ.

source – gossip lanka news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *