Advertisement

විදේශ රැකියා පැමිණිලි සඳහා විශේෂ පොලිස් ඒකකයක්

විදේශ රැකියා පැමිණිලි සඳහා විශේෂ පොලිස් ඒකකයක්

විදේශ රැකියා පැමිණිලි විමර්ශනයට විශේෂ පොලිස් ඒකකයක්

විදේශ රැකියා සම්බන්ධයෙන් ඉදිරිපත් වන පැමිණිලි සඳහා කඩිනම් විසඳුම් ලබා දීම සඳහා, පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ ස්ථාපිත කර තිබේ.

මෙම නව ඒකකය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කර ඇත.

‘විදේශ රැකියා නියාමන අධිකාරිය’ යන පදනම යටතේ 1985 වසරේදී පිහිටුවන ලද මෙම ආයතනය, විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින සහ විදේශගත වූ ශ්‍රමිකයන්ගේ පැමිණිලිවලට කාර්යක්ෂමව හා කඩිනමින් විසඳුම් ලබා දීම අරමුණු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *