අමාත්‍ය ආනන්ද විජේපාලගේ නමින් පළවූ ඡායාරූප ව්‍යාජයි – අමාත්‍යංශ නිවේදනය

ආනන්ද විජේපාල

සමාජ මාධ්‍ය තුළ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ නමින් සංසරණය වන ඡායාරූප හා ප්‍රවෘත්ති ව්‍යාජ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ, මෙම ඡායාරූප හා ප්‍රවෘත්ති සකස් කර ව්‍යාජ ලෙස පළ කර ඇති බවත්, ඒ සඳහා වගකිය යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවත්ය.

ඉන්දුනීසියාවේ අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පත්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයින්, කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව යාමෙන් අනතුරුව මෙම ව්‍යාජ ඡායාරූප සහ අසත්‍ය ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය තුළ හුවමාරුවී ඇති බවද සදහන් කරයි.

අදාළ නිවේදනයේ තවදුරටත් වන්නේ, සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාල මර්දනය සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, නිවැරදි තොරතුරු පමණක් සමාජ මාධ්‍ය සහ සම්මානිත මාධ්‍ය ආයතන මගින් ප්‍රචාරය කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *