රුපියල් කෝටි 2ක් වටිනා රත්‍රං සමඟ ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු අත්අඩංගුවට
කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත කර සිටි ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු අද (සැප්. 19) අලුයම රුපියල් කෝටි දෙකක් වටිනා රත්‍රං තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සිදු කර ඇත.
සැකකරු, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අද අලුයම 2:00ට පමණ ග්‍රෑම් 550ක් බරැති රන් බිස්කට් 40ක් තම ඉන ප්‍රදේශයේ සඟවාගෙන ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙන් පිටව යාමට උත්සාහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මීට පෙර සතියේද, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරියෙකු තම පාදවල සඟවාගෙන රුපියල් කෝටි 21කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් පිට කිරීමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
						
 
			 
			 
			