Advertisement

‘අලි රොෂාන්’ට බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම්

‘අලි රොෂාන්’ට බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම්

‘අලි රොෂාන්’ ට වසර 15ක සිර දඬුවම් හා රුපියල් ලක්ෂ 206ක දඩයක්

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු වූ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (සැප්තැම්බර් 19) නියෝග කළේය.

මෙම නියෝගය ලබා දුන්නේ මංජුල තිලකරත්න, ආර්.එස්.එස්. සපූවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි. එම විනිසුරු මඬුල්ල විත්තිකරුට රුපියල් ලක්ෂ 206ක දඩයක් ද නියම කළ අතර, ඔහු සන්තකයේ සිටි වන අලියා රාජසන්තක කිරීමට ද නියෝග කරන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි තවත් විත්තිකරුවන් තිදෙනෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *