ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, නුවරඑළිය, අනුරාධපුර, මහියංගණය සහ කතරගම ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස සංචාරක නිකේතන බවට සංවර්ධනය කිරීමට ආයෝජකයන්ට ආරාධනා කළේය.
මෙම ආරාධනාව ජනාධිපතිවරයා විසින් 2026 පූර්ව අයවැය සම්බන්ධ සංචාරක ක්ෂේත්‍ර සාකච්ඡාවකදී, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ දී ඇත.
ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, සංචාරක ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනීමට ප්‍රවර්ධන වැඩසටහන් පමණක් නොව, රාජ්‍ය හා පෞද්ගලික අංශය එකට ගෙන යන නව උපාය මාර්ගික වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි.
ඉන් අතුරුව, ව්‍යාපාරිකයින් විසින් දැනට පවතින අඩුපාඩු සහ අභියෝග පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට ගෙන ආ අතර, ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කළහ.
මෙම සාකච්ඡාව ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ඊට අමතරව, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සහ පෞද්ගලික අංශයේ ප්‍රමුඛයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.