සංගීත ප්‍රසංග ආරක්ෂක ගාස්තු ඉහළ දැමීමෙන් කලාකරුවන් අර්බුදයට
සංගීත ප්‍රසංග ආරක්ෂක ගාස්තු ඉහළ යාමට කලාකරුවන්ගෙන් මැසිවිලි
ශ්‍රී ලංකා ප්‍රාසාංගික කලාකරුවන්ගේ සංගමය පවසන්නේ, සංගීත ප්‍රසංගවල ආරක්ෂාව සඳහා පොලිසියට ගෙවන්න වන ගාස්තු දැඩි ලෙස ඉහළ ගොස් ඇති නිසා තමන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි.
සංගමයේ සභාපති චන්දන ප්‍රසාද් ජයලත් මහතා පෙන්වා දුන්නේ, මේ පිළිබඳව කිහිප වතාවක් බලධාරීන් සමග සාකච්ඡා කළත් මෙතෙක් විසදුමක් නොමැති බවයි.
“පොලිස් ආරක්ෂක ගාස්තු ඉහළ යාම නිසා අපට සංගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමේදී 150,000 ට වැඩි මුදලක් ගෙවීමට සිදුවේ. අතීතයේදී PC කෙනෙකුට ගෙවූ මුදල රු. 950ක් පමණයි. අද එය 4,950ක්, SI කෙනෙකුට 5,500ක් දක්වා ඉහළ ගොස් ඇත,” යැයිද ඔහු පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ, මේ ගාස්තු සැබවින්ම පොලිස් නිලධාරීන්ටම ලැබෙනවාද යන්න පිළිබඳ සැකයක්ද තමන්ට තිබෙන බවයි.