ඩුබායිහි උෂ්ණත්වය හේතුවෙන් ආසියානු කුසලාන තරග වේලාවන් වෙනස් වෙයි

ඩුබායි උෂ්ණත්වය ඉහළ වීම හේතුවෙන් ආසියානු කුසලාන තරග වේලාවන් වෙනස් වේ

ඩුබායිහි දැඩි උෂ්ණත්වය හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියේ සියලු තරග මිනිත්තු 30 කින් ප්‍රමාද කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. ඒ අනුව, සැප්තැම්බර් 9 සිට 28 දක්වා ඩුබායි සහ අබුඩාබි රාජ්‍යයන්හි පැවැත්වෙන තරග ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට ආරම්භ වන බවට නියම කර ඇත.

මීට පෙර තරග ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අතර, එම වේලාවේ ඩුබායිහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවීම නිසා ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ප්‍රමුඛතාවය පිළිබඳව සලකා මෙම තීරණය ගත් බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *