“බාප්පට වැරදුනේ ගොවියෝ නිසා” – නාමල් රාජපක්ෂ

“බාප්පට වැරදුනේ ගොවියෝ නිසා” – නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ වත්මන් රජය පාතාල නායකයන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින්, ගොවියා මහ මඟට ඇද දමා රණවිරු දඩයමක් ආරම්භ කර ඇති බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අගෝස්තු 31 වනදා මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල සහ නාවුල ප්‍රදේශවල පැවති ජනහමුවකට එක්වෙමින්ය.

දේශීය ලොකු ලූනු, අර්තාපල් සහ වී ගොවියන්ට රජය ලබාදුන් පොරොන්දු ඉටු කර නොමැති බවත්, විදේශීය කෘෂි භෝග සඳහා දොරටු විවෘත කරමින් දේශීය ගොවියා විනාශ කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වන බවත් නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ, තමන්ගේ පාලන සමයේ අරමුණ වූයේ රටට අවශ්‍ය සියල්ල දේශීයව නිෂ්පාදනය කිරීම බවත්, ගොවියාගේ නිෂ්පාදනට නිසි මිලක් ලබාදීම ආණ්ඩුවක වගකීම බවත්ය.

නමුත් වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා “වවලා කන” ප්‍රතිපත්තිය අතහැර “ගෙනැවිත් කන” ප්‍රතිපත්තියට මාරු වී ඇති බවත්, මැතිවරණයට පෙර ජනතාවට එවැනි පොරොන්දුවක් දී නොතිබූ බවත් ඔහු විවේචනය කළේය.

මේ අතර, මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූනු අස්වනු නෙළන සමයේදී විදේශයෙන් ලූනු ගෙන්වා රු. 40 බද්දක් පැනවූවත්, දේශීය ගොවියාට නිසි මිලක් නොලැබෙන තත්ත්වයක් උදා වී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

ඉදිරියේදී තමන්ගේ නායකත්වයෙන් “ගමන වැරදුණු තැන හඳුනාගෙන, එම තැනින්ම නැවත නැගිටීම” පිළිබඳව ජනතාවට ඇප දුන් බවත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය වැටුනේ ද ගොවියා නිවැරදිව හඳුනා නොගැනීම මූලික හේතුවක් බවත් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *