Advertisement

පියල් මනම්පේරීගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණ අවසර | Sri Lankan News

පියල් මනම්පේරීගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණ අවසර

පියල් මනම්පේරීගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණ අවසර

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය සහ තලාව ප්‍රදේශවල නිවසක සඟවා තිබියදී සොයාගත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පියල් මනම්පේරීගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අද (7) අවසර ලබා දී ඇත.

ඔහු අද පෙරවරුවේ වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මෙලෙස නියෝග කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන මනම්පේරී මහතා ඊයේ (6) අත්අඩංගුවට ගත් අතර, බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (5) සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 50,000ක් පමණ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

මේ වන විටත් බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *