Advertisement

ඩිජිටල් සේවා බද්ද 2026 අප්‍රේල් 01 දක්වා කල්දමයි – අලුත් දිනය නිවේදනය

ඩිජිටල් සේවා බද්ද පැනවීම 2026 අප්‍රේල් 01ට පසු වෙනස් කෙරේ

ඩිජිටල් සේවා බද්ද පැනවීම 2026 අප්‍රේල් 01ට පසු වෙනස් කෙරේ

2025 අංක 4 එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත යටතේ, 2025 ඔක්තෝබර් 01 සිට බලපැවැත්වීමට නියමිතව තිබූ නිර්වාසිකයින් විසින් සැපයෙන ඩිජිටල් සේවා සඳහා එකතු කළ අගය මත බද්ද (VAT) අය කිරීම කල් දමා ඇත.

නීතියට අනුකූල වීමට අවශ්‍ය කාලය ලබාගැනීම සඳහා විදේශීය ඩිජිටල් සේවා සපයන්නන් ඉල්ලූ අමතර කාලය මත, මෙම බද්ද ක්‍රියාත්මක කිරීම 2026 අප්‍රේල් 01 දක්වා කල් දැමීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබා දී තිබේ.

අදාළ සංශෝධන විධිවිධාන දැනටමත් කෙටුම්පත් කරමින් පවතින අතර, ඒවා එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන කෙටුම්පතට ඇතුළත් කිරීමට නියමිතය.

මෙම යෝජනාව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අතර, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතියත් හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *