“සිංහ Shuttle Smash Show Down Season – 2 Badminton” තරගාවලිය සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා Dubai Land හිදී පැවැත්වීමට සියලුම සූදානම් කටයුතු සම්පූර්ණ කර තිබේ.
එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයන්ගේ පැරණිතම ක්‍රීඩා සමාජය වන සිංහ ක්‍රිකට් ක්‍රීඩා සමාජය මගින් දෙවන වරටත් අභිමානයෙන් ඉදිරිපත් කරන මෙම බැඩ්මින්ටන් තරගාවලිය, උදෑසන 10.00ට Dubai Land හි Smash Sport Academy හිදී ආරම්භ වේ.
පසුගිය වසරේ පැවති තරගාවලියේ අත්දැකීම් සමුදාය සමගින් නව ආකාරයකින් ඉදිරිපත් කිරීමට සංවිධායකයින් බලාපොරොත්තු වන අතර, සමාජයේ සාමාජිකයින්ගේ එකමුතුකම හා හැකියාව වර්ධනය කිරීම මෙම තරගයේ අරමුණයි.
ලියාපදිංචි පිරිමි කණ්ඩායම් 12 ක්, කාණ්ඩ දෙකක් යටතේ තරඟ වදින අතර, කාන්තා යුගල 4ක් වෙනම කාණ්ඩයක තරග වැදීම සදහා එක්ව සිටී.
ක්‍රීඩා ලෝලී රසිකයන්ට සජීවී තරඟ අත්දැකීමක් ලබාගැනීමට සිංහ ක්‍රීඩා සමාජය සියලු දෙනාට සුහද ආරාධනයක් යොමු කරයි.
source – dubai lanka news