අද (03) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, පැය පහකට පමණ පසුව නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත.
මීට පෙර අල්ලස් කොමිසම විසින් නිකුත් කළ වරෙන්තු අනුව, හිටපු අමාත්‍යවරයා අගෝස්තු 29 වන දා අධිකරණයට ඉදිරිපත් කර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
එවකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා නියම කළේ, රාජිත සේනාරත්න මහතා අද (03) පෙරවරුවේ 9.00ට අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර ප්‍රකාශය ලබාගැනීමටය.
ඒ අනුව අද උදෑසන ඔහු කොමිසම හමුවේ ප්‍රකාශය ලබාදී අවසන් වීමෙන් පසු, යළිත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.