Advertisement

සාමාන්‍ය පෙළ විභාග අයැදුම්පත් කැඳවීම අරඹයි | මාර්ගගතව පමණයි

සාමාන්‍ය පෙළ විභාග අයැදුම්පත් කැඳවීම අරඹයි | මාර්ගගතව පමණයි

සාමාන්‍ය පෙළ විභාග අයැදුම්පත් මාර්ගගතව කැඳවීම ආරම්භ වෙයි

2025 වසරේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ඊයේ (සැප්තැම්බර් 18) සිට ආරම්භ වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම අයැදුම්පත් භාරගැනීම ඔක්තෝබර් 09 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරේ.

සියලුම පාසල් අයැදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා හරහාද, පෞද්ගලික අයැදුම්කරුවන් තමන් විසින්මද අදාළ උපදෙස් අනුව මාර්ගගත අයැදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

පෞද්ගලික අයැදුම්කරුවන් අයැදුම්පත් ඉදිරිපත් කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිතා කළ යුතු බවත්, ජාතික හැඳුනුම්පතක් නොමැති නම් තම භාරකරුගේ (මව හෝ පියා) හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් නිවැරදිව කියවා ඒ අනුව කටයුතු කරන ලෙසද එම නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *