හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ විසින් පොදු දේපොළ අවභාවිතය සිදු කළ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට සිවිල් සංවිධාන කිහිපයක් සූදානම් වෙමින් පවතී.
මෙම සංවිධාන පසුගිය කාලයේදී අදාළ තොරතුරු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මඟින් ලබාගෙන ඇති අතර, ඒවා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. නීතිඥවරු දැනටමත් මෙම තොරතුරු විශ්ලේෂණය කරමින් සිටී.
මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මැදිහත් වීම මත සිදු කළ ඉදිකිරීම් කිහිපයක් සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ඉඩම් සංස්ථාවක් හරහා සිදු කළ කටයුතු කිහිපයකට අදාළ තොරතුරු මෙම පැමිණිලි අතර ඇතුළත් වේ.
මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පවසන්නේ, තොරතුරු සහිතව පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදු කොට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට නොවන බවයි. මෙම නීතිමය ක්‍රියාවලියේදී, අදාළ සැකකරු හෝ සැකකාරිය පෙර දැරූ තනතුරු අදාළ නොවන බවද ඇමැතිවරයා අවධාරණය කරයි.
source : silumina