ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වෙයි
ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
68 හැවිරිදි ඉෂිබා අද (07) එරට වේලාවෙන් සවස 6.00ට පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම තීරණය ප්‍රකාශ කළේය. ඔහු පවසා ඇත්තේ තම පක්ෂය ලබන ලද මැතිවරණ පරාජයන්ට වගකීම තමන් භාරගන්නා බවයි.
මෙම ඉල්ලා අස්වීම ජපානයේ දේශපාලන අවිනිශ්චිතතාවයක් ඇති කළේය. විදෙස් මාධ්‍ය පෙන්වා දක්වන්නේ, ලොව සිව්වන විශාලම ආර්ථිකයක් වන ජපානය තුළ මෙම තීරණය දැවැන්ත බලපෑමක් ඇති කළ හැකි බවයි.
ඉකුත් ජූලි මාසයේ පැවති මැතිවරණයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ඓතිහාසික පරාජයක් ලබන ලද අතර, ජීවන වියදම ඉහළ යාම, අමෙරිකානු වෙළෙඳ ගිවිසුම් ආදී කරුණු ඔහුගේ තීරණයට බලපා ඇති බවද වාර්තා වේ.