කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 5ක්‌ට දින 90ක රැඳවුම් නියෝග – CID යටතේ ප්‍රශ්න

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 5ක්‌ට දින 90ක රැඳවුම් නියෝග – CID යටතේ ප්‍රශ්න

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ ප්‍රබල අපරාධ කල්ලියට අයත් පුද්ගලයින් 5 දෙනා දින 90ක රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවසන්නේ, ත්‍රස්ත මර්දන පනත යටතේ ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුකරන බවයි.

ජකර්තා හි අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පසුගිය සෙනසුරාදා දිනයේදී මෙරටට රැගෙන එනු ලැබූ අතර, මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය යටතේ රඳවා ඇත.

මේ අතර, මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග සහ ශලින්ත මදුෂාන් පෙරේරා හෙවත් කමාන්ඩෝ සලින්ත යන තිදෙනා CID භාරයේ පසුවන බව වාර්තා වෙයි.

එසේම, ළහිරු මදුසංඛ හෙවත් තැඹිලි ළහිරු සහ එන්.එන්. ප්‍රසංග හෙවත් බැකෝ සමන් යන තවත් දෙදෙනා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *