මහින්දානන්ද හා නලින්ට එරෙහි නඩුව ඔක්තෝබර් 10ට කල්දමයි – කොළඹ මහාධිකරණ නියෝග

මහින්දානන්ද හා නලින්ට එරෙහි නඩුව ඔක්තෝබර් 10ට කල්දමයි – කොළඹ මහාධිකරණ නියෝග
ශෙයා කරන්න..

මහින්දානන්ද හා නලින්ට එරෙහි නඩුව ඔක්තෝබර් 10ට කල් දැමූවේ

පොදු දේපොළ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහි නඩුව ඔක්තෝබර් 10 දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද (04) නියම කළේය.

අද නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවනු ලැබීය. සිරදඬුවම් නියමවී සිටින අලුත්ගමගේ සහ ප්‍රනාන්දු අධිකරණයට ඉදිරිපත් කර තිබුණ අතර, මල්ලවාරච්චි මහතා අසනීපයෙන් පසුවන බව වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.

විත්තිකරු නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා, නඩුව මාධ්‍ය හරහා ප්‍රචාරය වන විට පවුලේ අය අපහසුතාවට පත් විය හැකි බව සඳහන් කරමින් විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, විනිසුරු මංජුල තිලකරත්න මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, නඩු දිනයකදී සෑම අවස්ථාවකදීම විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කළේය.

ඒ අනුව විත්තිකරුවන්ගේ මූලික විරෝධතා පිළිබඳ වාචික දේශන ඔක්තෝබර් 10 දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කරන ලදී.

මෙම නඩුවේ චෝදනා යටතේ, 2015 ජනාධිපතිවරණ කාලයේදී සතොස හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර රුපියල් මිලියන 39කට අධික මුදලක් අයුතු ලෙස වැය කර ඇති බව නීතිපතිවරයා විසින් නඩු ගොනු කර තිබේ.

source – ada derana


ශෙයා කරන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *