උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේ දී විවෘත කරන ලදී.
මෙය, උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි සමාගම එක්ව ක්‍රියාත්මක කරන සහයෝගී වැඩසටහනක් ලෙස ආරම්භ කර ඇත.
ඒ අනුව, යාපනය, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක “උතුරු පොල් ත්‍රිකෝණය” ලෙස ප්‍රවර්ධනය කිරීමට රජය සැලසුම් කරයි. 2025 වර්ෂයේදී උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමේ අරමුණ ඇති අතර, 2027 වන විට එය අක්කර 40,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.
නිෂ්පාදන ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව ජනාධිපතිවරයා අතින් බීජ පොල් පැළයක් රෝපණය කෙරිණි.
මෙම අවස්ථාවට, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ධීවර හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමරන්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් සහ ආයතනික නියෝජිතයින් සහභාගී වූහ.
එමෙන්ම, ජනාධිපතිවරයා පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට පොල් සංවර්ධන අධිකාරිය මගින් සංවිධානය කළ පොල් ආශ්‍රිත ප්‍රදර්ශනයද නරඹා සිටියා.