ජනාධිපතිවරයා නව මහාධිකරණ විනිසුරුවරුන් 18 දෙනෙකුට පත්වීම් ලබාදේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් 18 දෙනෙකු පත් කරමින්, අද (03) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල පත්වීම් ලිපි භාර දෙන ලදී.
මෙම පත්කිරීම් මගින් විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නීතිඥවරියක මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.
පත්කිරීම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (2) වගන්තියට අනුකූලව සිදු කරන ලද්දේ ය.
* එස්.එස්.කේ. විතාන මහතා – දිසා විනිසුරු
* ඒ.එම්.අයි.එස්. අත්තනායක මහතා – දිසා විනිසුරු
* ඒ.එම්.එම්. රියාල් මහතා – දිසා විනිසුරු
* ඩී.පී. මුදුන්කොටුව මහතා – දිසා විනිසුරු
* එස්.බී.එච්.එම්.එස්. හේරත් මහතා – අතිරේක දිසා විනිසුරු
* ජේ. කජනිදීපලන් මහතා – දිසා විනිසුරු
* ඩී.එම්.ඩී.සී. බණ්ඩාර මහතා – අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
* එච්.එම්.බී.ආර්. විජේරත්න මෙනවිය – අතිරේක දිසා විනිසුරු
* ඩී.එම්.ඒ. සෙනෙවිරත්න මහතා – අතිරේක දිසා විනිසුරු
* ඒ.ඒ. ආනන්දරාජා මහතා – මහේස්ත්‍රාත්
* ජී.එන්. පෙරේරා මහතා – දිසා විනිසුරු
* ඒ. ජූඩ්සන් මහතා – දිසා විනිසුරු
* ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග මහත්මිය – දිසා විනිසුරු
* ආර්.බී.එම්.ඩී.ආර්. වැලිගොඩපිටිය මහතා – දිසා විනිසුරු
* කේ.ඩී.එන්.වී. ලංකාපුර මෙනවිය – මහේස්ත්‍රාත්
* ඩී.එම්.ආර්.ඩී. දිසානායක මහතා – දිසා විනිසුරු
* එම්.අයි.එම්. රිස්වි මහතා – දිසා විනිසුරු
* ඒ. ජයලක්ෂි ද සිල්වා මහත්මිය –
ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අධිකරණ නිලධාරීන් ඇතුළත් වේ.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද සහභාගී වූ බව වාර්තා වෙයි.