විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට අධ්‍යාපන මූල්‍ය සහාය – ජනාධිපති අරමුදලේ නව වැඩපිළිවෙළ

විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට අධ්‍යාපන මූල්‍ය සහාය – ජනාධිපති අරමුදලේ නව වැඩපිළිවෙළ
ශෙයා කරන්න..

විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් අධ්‍යාපන මූල්‍ය සහාය

“කිසිවෙක් අධ්‍යාපනයෙන් මඟ නොහැරීම” යන දැක්ම යටතේ, විදේශ රටවලදී ආපදාවන්ට මුහුණ දෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය තිරසාරව තබා ගැනීමට ජනාධිපති අරමුදල මූල්‍ය ආධාර ලබාදෙන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මෙම වැඩපිළිවෙළ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග එක්ව ක්‍රියාත්මක කෙරේ.

ඊයේ (03) ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකට අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජිතයින් සහභාගී වූහ.

මෙම වැඩපිළිවෙළ මගින් විදේශ රටවලදී මියයන, සිරගතවන, අතුරුදහන් වන හෝ ආපදාවන්ට ලක්වන ශ්‍රමිකයන්ගේ දරුවන්ට පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සහාය, විදේශ භාෂා පුහුණුව සඳහා මූල්‍ය සහය, භාෂා පාසල්වල සම්පත්දායකයින්ට දීමනා, සහ ග්‍රාමීය තරුණයන්ගේ නිපුණතා වැඩිදියුණු කිරීම සඳහා මූල්‍ය ආධාර ලබාදීමට කටයුතු කරන බව සදහන් කෙරේ.


ශෙයා කරන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *