Advertisement

රුසියානු සංචාරක කාන්තාවක් උණවටුනේ අත්අඩංගුවට – සංචාරක වීසා උල්ලංඝනය

රුසියානු සංචාරක කාන්තාවක් උණවටුනේ අත්අඩංගුවට – සංචාරක වීසා උල්ලංඝනය

උණවටුන සංචාරක පොලිස් ඒකකය විසින් සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතු කළ 29 හැවිරිදි රුසියානු කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් වාර්තා අනුව, ඇය සංචාරක වීසා නියමයන් උල්ලංඝනය කර උණවටුන ප්‍රදේශයේ සමාජ ශාලාවක් ලෙස හෝටලයක් හා ආපනශාලාවක් පවත්වාගෙන ගිය බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව හබරාදූව පොලිස් ස්ථානයට භාර දී ඇති අතර හෙට (5) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *