2025 ශිෂ්‍යත්වයේ ප්‍රථම ස්ථානය ශනුදි අමායාට..

2025 ශිෂ්‍යත්වයේ ප්‍රථම ස්ථානය ශනුදි අමායාට | 198 ලකුණු සමඟ දිවයිනේ පළමු තැන
ශෙයා කරන්න..

ශිෂ්‍යත්වයේ ප්‍රථම ස්ථානය අම්බලන්ගොඩ ශනුදි අමායාට
2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ශනුදි අමායා අශ්විනි ශිෂ්‍යාව දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ශනුදි අමායා 198 ලකුණු ලබා තිබේ. විභාග දෙපාර්තමේන්තුව 2025 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු සීමාවන් ද ප්‍රකාශයට පත් කළේය. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු 140ක් සහ දෙමළ මාධ්‍ය 134ක් ලෙස නියම කර ඇත.

රත්නපුර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, නුවරඑළිය, කිළිනොච්චිය, වව්නියාව, මුලතිව්, මඩකලපුව, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්ක සඳහාද කඩඉම් ලකුණු සීමාවන් වෙන වෙනම දක්වා ඇත.

මෙවර විභාගය 2025 අගෝස්තු 10 දින පැවැත්විණි. අයදුම්කරුවන් 308,026 දෙනෙකු අතරින් 303,670 දෙනෙකු විභාගයට ඉදිරිපත් වූ අතර, ඔවුන්ගෙන් 51,969 දෙනෙක් කඩඉම් ලකුණු ඉක්මවා ඇත.

විභාග ප්‍රතිඵල doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවි හරහා ලබාගත හැකි අතර, නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැක. පාසල් මට්ටමින්ද ප්‍රතිඵල බාගත කර මුද්‍රිත පිටපත් ලබා ගැනීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

source – ada derana


ශෙයා කරන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *