තල්පේ දුම්රිය ස්ථානයේදී “සිහින ගමනාන්තය” නවීකරණ වැඩසටහන ආරම්භ විය

තල්පේ දුම්රිය ස්ථානයේදී “සිහින ගමනාන්තය” නවීකරණ වැඩසටහන ආරම්භ විය

තල්පේ දුම්රිය ස්ථානයේදී “සිහින ගමනාන්තය” නවීකරණ වැඩසටහන ආරම්භ විය

“සිහින ගමනාන්තය” නමින් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර තල්පේ දුම්රිය ස්ථානයේදී අද (02) ආරම්භ විය.

ඒ සඳහා ප්‍රමුඛත්වය දුන්නේ ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාය.

රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන ලෝකයට ගැලපෙන නව අනන්‍යතාවකින් සන්නාමගත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන හා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය එක්ව, පෞද්ගලික අංශයේ සහයෝගය සහිතව දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට නියමිතය.

අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩසටහන ආරම්භ කරන අවස්ථාවේදී කියා සිටියේ, පොදු ප්‍රවාහනය ගුණාත්මක සේවයක් බවට පරිවර්ථනය කිරීම වත්මන් රජයේ අත්නොහැරන වගකීමක් බවය.

ඉදිරියේදී පොදු ප්‍රවාහනයේ දියුණු කිරීම මගින් සංචාරක කර්මාන්තයද ශක්තිමත් කිරීමට හැකි වන බවත්, වසර දෙක තුළ ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් කරා ගෙන යනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *