රෝමයට ගිය ශ්‍රීලන්කන් ගුවන් යානය ගැන පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයි

Social media reports about SriLankan flight to Rome are false

March 9, 2026   09:35 pm

ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත්වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු අසත්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ, සියලු කරුණු සත්‍යභාවයෙන් තොර බවය.

යූ.එල් 1213 ගුවන් යානය අද (09) රෝමය බලා පිටත් වූයේ, යුරෝපයෙන් සහ ඉන් ඔබ්බට, මැදපෙරදිග හරහා ගමන් කිරීමට සැලැසුම් කර තිබූ හා ටිකට් පත් වෙන්කරවා ගෙන සිටි මගීන් හට, ඍජුව රෝමය බලා ගමන් කිරීමට හැකිවන පරිදි සහ යුරෝපය ආශ්‍රීතව රැඳී සිටින සංචාරකයින් හා ශ්‍රී ලාංකික මගීන් මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණක් ඇතිවය.

කෙසේ වෙතත් මෙම ගුවන් ගමන රජයේ අමාත්‍යවරයෙකු මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් සිදුකළ සැලැස්මක් බව සමාජ මාධ්‍යවල තොරතුරු පළ වූ බව එම අධිකාරිය පෙන්වා දෙයි. 

එහි සඳහන් අමාත්‍යවරයා දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

එක්සත් අරාබි එමීරයේ සිංහල භාශාවෙන් නිව්ස් කියවන්න අපි ඩුබායි රේඩියෝ සිංහල නිව්ස් වෙතින්ම පමණයි..

X