ශ්‍රී ලංකා රේගුවේ රඳවාගෙන සිටි විද්‍යුත් වාහන 506 ක් අමතර ඇපකර මත මුදා හැරීමට එකඟවෙයි
ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවාගෙන සිටි බී.වයි.ඩී (BYD) විද්‍යුත් වාහන 506 ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදා හැරීමට අභියාචනාධිකරණය හමුවේ අද (3) එකඟතාවයකට එළඹුණා.
මෙය, අදාළ වාහන රඳවා ගැනීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශයට පත් වුණි.
පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරිය සඳහන් කළේ, රේගුව මීට පෙර බැංකු ඇපකරයක් මත විද්‍යුත් වාහන 991 ක් මුදා හැර තිබූ බවත්, එහෙත් ඉන් තවමත් 506 ක් මුදා හැරීමට ප්‍රතික්ෂේප කළ බවත්ය.
එහෙත් රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පවසුවේ, පසුගිය නඩු දිනයේදී වාහන 901 ක් මුදා හැරීමට එකඟවූ අවස්ථාවේදී, පෙත්සම්කාර පාර්ශවය විමර්ශන කටයුතුවලට සහය දැක්වීමට එකඟ වී තිබූ බවයි. එහෙත්, රේගුවෙන් ඉල්ලාසිටි තාක්ෂණික තොරතුරු ලබාදීමට සමාගම ප්‍රතික්ෂේප කර තිබුණා.
ඉන්පසු, අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ, අමතර බැඳුම්කරයක් මත අදාළ වාහන මුදා හැරිය හැකිද යන්නයි.
ඉන් අනතුරුව, රේගු නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, අමතර බැඳුම්කරයක් ඉදිරිපත් කරන පරිද්දේදී පෙර එකඟතාවය යටතේ මෙම වාහන 506 ක් මුදා හැරිය හැකි බව ප්‍රකාශ කළේය.
ඒ අනුව, රේගු භාරයේ සිටින අදාළ වාහන මුදා හැරීමට නියෝග නිකුත් කරන ලදී.
අපේ රටේ වාහන මිල අඩු වෙලා.. පුලුවන් හැමෝටම වාහනයක් ගන්න ශක්තිය ලැබේවා!