වසරේ මුල් මාස 8 තුළ ශ්‍රී ලංකා විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි | Sri Lankan News

වසරේ මුල් මාස 8 තුළ ශ්‍රී ලංකා විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි | Sri Lankan News
ශෙයා කරන්න..

වසරේ මුල් මාස අට තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන අනුව 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට විදේශ සේවා නියුක්තිකයන්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක ප්‍රේෂණ ලැබී තිබේ.

ඒ අනුව, 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 5.116ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 19.3%ක වැඩි වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම සමය තුළ සංචාරක ඉපැයීම්ද වර්ධනයක් දක්වා ඇති අතර, 2025 මුල් මාස අට තුළ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.03ක් වාර්තා වී ඇත. 2024 වසරේ එම කාලයට වාර්තා වූ බිලියන 1.88ට සාපේක්ෂව මෙය 7.8%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා ආර්ථිකය සඳහා විදේශ ප්‍රේෂණ හා සංචාරක ඉපැයීම් මේ වනවිටත් ප්‍රධාන ආදායම් මාර්ග දෙකක් ලෙස කටයුතු කරමින් සිටී.


ශෙයා කරන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *