ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 278ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 278ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් බිඳ වැටී ලකුණු 277ක් රැස් කිරීමට සමත් විය.

පන්දුවට පහර දීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Ben Curran ලකුණු 79ක් සහ Sikandar Raza නොදැවී ලකුණු 59ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුශ්මන්ත චමීර කඩුලු 3ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 278කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *