ඉරාන නව උත්තරීතර නායකයාගේ පත්වීමට ට්‍රම්ප්ගේ අප්‍රසාදය

Trump's displeasure with the appointment of Iran's new supreme leader

March 9, 2026   01:17 pm

ඉරාන නව උත්තරීතර නායකයාගේ පත්වීමට ට්‍රම්ප්ගේ අප්‍රසාදය

ඉරානයට එරෙහි යුද මෙහෙයුම් අවසන් කිරීමේ කාලසීමාව තීරණය කිරීම සිදුවන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ද එකගත්වයෙන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව නිවැරදි අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින් තීරණයක් ගන්නා බවද ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ඉරාන නව උත්තරීතර නායකයාගේ පත්වීම සම්බන්ධයෙන් ද ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රසාදය පළ කර තිබේ.

ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි ඉරාන නව උත්තරීතර නායකයා ලෙස පත් කෙරුණු අතර කමේනිගේ පුත්‍රයා එම ධුරයට පත්වීම පිළි නොගන්නා බවට ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

මේ අතර ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ නායකත්වය යටතේ ඉරාන විප්ලවීය හමුදාවේ පළමු ප්‍රහාර මාලාව ඊශ්‍රායලයට එල්ල කර ඇත.

ඔවුන්ගේ සටන් පාඨය සහිත ඡායාරූප පෙළක් ද ඉරාන හමුදාව විසින් සමාජ මාධ්‍ය වෙත පළ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

එක්සත් අරාබි එමීරයේ සිංහල භාශාවෙන් නිව්ස් කියවන්න අපි ඩුබායි රේඩියෝ සිංහල නිව්ස් වෙතින්ම පමණයි..

X