Advertisement

සජබට ගිය එජාප සාමාජිකයන්ට පක්ෂ තහනම ඉවත් කරයි

සජබට ගිය එජාප සාමාජිකයන්ට පක්ෂ තහනම ඉවත් කරයි

සමගි ජන බලවේගයට එක් වූ එජාප සාමාජිකයන්ට පක්ෂ තහනම ඉවත් කෙරේ

සමගි ජන බලවේගය (සජබ) සමග එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගෙන තිබූ සියලුම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට පනවා තිබූ තහනම් නියෝග ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ (එජාප) කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේදී පැන නැගිය හැකි නීතිමය පසුබිම පිළිබඳව සොයා බැලීම සඳහා, හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් ද පත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ, මෙම පියවර නිසා යළි එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ සියලු බාධක ඉවත් වූ බවයි.

මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම එජාප නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැත්විණි.

එමෙන්ම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සියලු පාර්ශ්වයන් වෙත ස්තූතිය පළ කිරීමේ යෝජනාවක් ද මෙම රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *