විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද බලය ලබාදීම: නීති සංශෝධනයට කමිටුවක්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඔවුන් සිටින රටේ සිටම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම සඳහා අවශ්‍ය නීති සංශෝධන සකස් කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මෙම කමිටුව විවිධ අමාත්‍යාංශවල නිලධාරීන්ගෙන් සමන්විත වේ.
ලංකාවේ දැනට ක්‍රියාත්මක මැතිවරණ පහ යටතේ විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය පදනමක් නොමැති වීම මෙම තීරණයට හේතු වී තිබේ. කෙසේ වෙතත්, ඉන්දියාව, බංග්ලාදේශය සහ පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් දැනටමත් තම විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දී ඇත. මෙම රටවල භාවිත වන ක්‍රමවේදයන් අධ්‍යයනය කර, ශ්‍රී ලංකාවට ගැළපෙන ආකාරයට නීතිමය රාමුවක් සකස් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණයි.
මෙම නව නීති සම්පාදනය මඟින්, ලොව පුරා විසිරී සිටින මිලියන ගණනක් වන ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය භාවිත කිරීමට අවස්ථාව උදා වනු ඇත.
source – divaina