කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු වන “වලස් කටා” නැමැත්තා, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයෙන් පලායාමට තැත් කිරීමේදී තුවාල ලබා සිටි අතර, ප්‍රතිකාර අවසන් කිරීමෙන් පසු නැවත එම කොට්ඨාසයට භාර දී ඇත.
අදාළ සැකකරු ඊයේ (01) දිනයේදී රැගෙන ආ බව වාර්තා වේ.
පොලිසිය පවසන්නේ, ඔහුගෙන් කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට පත් කිරීම සම්බන්ධයෙන් විමසීම් සිදුකිරීමත් සමඟ විශේෂ ප්‍රකාශ ලබාගත් බවයි.
එහිදී සැකකරු ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාට,
“සර්, අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්” යැයි ප්‍රකාශ කර තිබුණා.
පොලිසිය මේ වනවිට වලස් කටා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.